එක් දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් අද


ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (24දා) මේ දක්වා (පස්වරු 6.41) වන විට වාර්තා වී තිබේ.

අද දිනයේදී මේ දක්වා රෝගීන් 46ක් වාර්තා වී ඇති අතර එය මේ දක්වා ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වෙයි.

ඊට පෙර එසේ දිනක් තුළ වාර්තා වූ රෝගීන් ගණන වාර්තා වූයේ ඊයේ දිනයේදීය. එම අගය 38කි.

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 414ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles