එකම පවුලේ සිවුදෙනෙකු සැඩ පහරට හසුවෙයි


හල්දුම්මුල්ල, කළුපහන ප්‍රදේශයේ දී වේලි ඔයේ දිය නෑමට ගිය සිවුදෙනෙකුගෙන් දෙදෙනෙකු දීයේ ගිලී අතුරුදන් වී තිබේ.

එලෙස දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ එකම පවුලේ පියා සහ පුතා බව පොලීසිය පවසයි.

ඔවුන් අද (15) පස්වරුවේ වේලි ඔය පාලම අසලින් දිය නෑමට ගොස් ඇති අතර එකවර ඔයේ ජලය වැඩිවීම හේතුවෙන් එම අනතුර සිදුව තිබේ. 

වේලිඔයේ දියනාමින් සිටි සිවු දෙනාම ගසාගෙන ගොස් ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු බේරා ගත් බව පොලීසිය පැවසීය.

එම පුද්ගලයින් පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

යුද හමුදාවේ සහ පොලීසියේ සහාය ඇතිව ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.

 



Recommended Articles