එංගලන්තයේ සිසුන් ගෙන ඒමට ශ්‍රී ලන්කන් යානයක් යයි


එංගලන්තයේ, ලන්ඩන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම විශේෂ ගුවන් යානය 4/03 දින අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ.

මෙම ගුවන් යානය ලන්ඩන් වෙත කිසිදු ගුවන් මගියෙකු රැගෙන නොගිය අතර , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් එහි ගමන් කළේය. මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

මෙම ගුවන් යානය දහවල් 11.25 ට පමණ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර ,  4/04 දින අලුයම 12.45 ට මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



Recommended Articles