එංගලන්තයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ තවදුරටත් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පිටත්වී පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන මෙම විශේෂ ගුවන්යානය අද දින උදෑසන 8.22 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය .

මෙම ගුවන් යානයෙන් පැමිණි මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි .

 



Recommended Articles