ඌවේ ප්‍රාථමික ගුරුවන්ට දැමූ තහනම


ඌව පළාත තුළ පිහිටි රජයේ පාසල් වල 01 වසරේ සිට 05 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන්ට එම පන්තියේම ගුරුවරුන්ට පාසල් වේලාවෙන් පසු සති අන්තයේ හෝ නිවාඩු දින වලදී මුදල් අයකරමින් පවත්වන උපකාරක පන්ති නතරකිරීමට ඌව පළාත් අධ්‍යාපන අමත්‍යංශය පියවරගෙන ඇත.

01 වසර සිට 05 වසර දක්වා උගන්වන ගුරුවරුන් තම පන්තියේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීමේදී පන්තියට නොපැමිණෙන දරුවන්ට පාසලේ පංතිකාමර‍යේදී නොසලකාහැරීම,විවිධ බලපෑම් සිදුකිරීම,මානසික පීඩාවන්ට ලක්කිරීම නිසා දරුවන් මෙන්ම දෙමව්පියන් මානසික පීඩාවන්ට සහ ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශයට ලද පැමිණිලි මත මෙම පියවරගෙන තිබේ.

පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා විසින් අංක 02/2023 චක්‍රලේඛයක මඟින් ඉකුත් 22 වෙනිදා සිට ඌව පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ.

එම නියෝගය උල්ලංඝනය කරන ගුරුවරුන්ට එරෙහිව දැඩි නීත්‍යානුකූල පියවරගන්නා බව අදාල චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්වේ.

මොණරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles