ඌවේ කථිකාචාර්යවරු පහක් අනතුරකින් තුවාල ලබයි


ඌව වෙල්ලසස් විශ්ව විද්‍යාලයේ කථාකාචාර්යවරු 5 දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (2දා) අළුයම 2.50 පමණ  බදුල්ල- මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අඩි 40 පමණ  ප්‍රපාතකට පෙරළී අනතුරට ලක්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

එහි ගමන් ගත් 5 දෙනාම තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ. තුවාල ලැබූ කථිකාචාර්යවරු 5 දෙනා අතුරින් සිවු දෙනෙක් කාන්තාවන් බවත්  එක් කාන්තාවක්  ගැබිණියක් බවත් පොලිසිය  සඳහන් කළේය.

මෝටර් රථය පැදවූ කථිචාර්යවරයාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්න ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබ . මෙම කථිකාචාර්යවරුන් විශ්ව විද්‍යාලයට එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

පාලිත ආරියවංශ



Recommended Articles