ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවට කොවිඩ්


ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවට කොවිඩ් ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

උණ ගතියක් මතුවී  අද (18) දා ප්‍රතිකාර සදහා බදුල්ල මහරෝහලට ගිය අවස්ථාවේ සිදුකළ  ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණයේදී මෙම අධ්‍යක්ෂිකාවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .

ආශ්‍රිතයන් සේ සලකා  පවුලේ සාමාජිකාවක් සහ  ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සේවකයන් දෙදෙනෙක්  ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .

ඔවුන්‍ පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමට නියමිතය .

පාලිත ආරියවංශ 



Recommended Articles