උසාවි නියෝගයකින් ඉන්දියන් ධීවරයින් පිරිසක් නිරෝධායනයට


දේශ සීමා නීති උල්ලංඝණය කරමින් ශ්‍රී  ලාංකීය මුහුදට පිවිසීම හේතුවෙන් පසුගිය 15 දින කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හත් දෙනා දින 14 ක නිරෝධායනයකින් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පුත්තලම මහේස්ත්‍රාත්  අධිකරණය නියෝග කළ බැව් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත්  වික්‍රමසිංහ  මහතා පවසයි.

ඒ අනුව කල්පිටිය විජය නාවුක හමුදා හාරයේ,කල්පිටිය සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරිවරයාගේ අධිෂණයෙන් මෙම නිරෝධායනය සිදු කෙරෙන බැව් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

ඉන්දීය ධීවරයින්ගේ දැල් ආම්පන්න සහ බහුදින යාත්‍රාව ද නාවුක හමුදා භාරයේ පවතියි.

කල්පිටිය කුමාරී  කොට්ටහච්චි



Recommended Articles