උසස්පෙළ විභාගයට අදාළ උපකාරක පංති 17 දා අවසන්


2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිතය. විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් වෙයි.

 



Recommended Articles