උසස්පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි


2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2019 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල  www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකිය.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර තිබු සංඛ්‍යාව 61248කි.

 ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011-2784208, 011-2784537, 011-3188350, 011-3140314, 1911 දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.



Recommended Articles