උසස් පෙළ සිසුන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ


මෑතකදී නිකුත් කරන ලද උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු (ඉසෙඩ් ස්කොර්) අනුව විශ්ව විද්‍යාල සඳහා ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙනිය, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබිය.

2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත්  වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

 



Recommended Articles