උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු


මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

හෙට(08) දිනයේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත අතර එම දිනය සලකා බලා විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. 



Recommended Articles