උල්හිටිය ජලාශයේ පෝෂක ප්‍රදේශය වෙත මේ වනවිට තවදුරටත් වැසී පවතින බැවින් සහ ජලාශයේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ යමින් පවතින බැවින් එය පාලනය කිරීමට ඊයේ රාත්‍රී විවෘත කළ උල්හිටිය ජලාශයේ වාන් දොරටු අද 18 අලුයම තුනයි තිහට තවදුරටත් පුළුල් කළ බවත් ඒ අසල පහත් බිම්වල වාසය කරන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ.
විශේෂයෙන් මේ හේතුව නිසා රත් කිඳ සිට ගිරාදුරු කෝට්ටේ දක්වා යන මාර්ගයේ පිහිටි කෝසුව මේ වන විට සම්පූර්ණයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ජලාශ භාර ඉංජිනේරුවෝ නිවේදනය කළහ.
ඊයේ රාත්‍රියේ සුළු වශයෙන් විවෘත කළ වාන් දොරටු මේ වන විට තවදුරටත් පුළුල් ලෙස විවෘත කර ඇති බැවින් මෙමගින් උල් හිටිය ඔයටත් ඒ ඔස්සේ මහවැලි ගඟටත් තත්පරයට ඝණ මීටර් 250ක සීඝ්‍රතාවයකින් ජලය එකතුවන බවද මාපාකඩ කාර්යභාර වාරි ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය.

