උමා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් මරුට


වැලිමඩ මැදිරිපුර උමා ඔයේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු 07දින සවස දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය කියයි.

වැලිමඩ මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනා උමා ඔයට ගොස් දිය නාමින් සිටියදි දියේ ගිලි අතුරුදන්ව ඇති බවත් පසුව ප්‍රදේශවාසින් පැමිණ දියේ ගිලි අතුරුදන්ව  සිටි දරුවන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්යෙන් වැලමඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles