උමා ඔය ව්‍යාපෘතියේ වැඩ සියයට 97 ක් අවසන්


උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයතු මේ වන විට 97 % කින් අවසන් කර ඇති අතර ලබන ජුනි මස වන විට එය ජනතා අයිතියට පත්කළහැකි බව වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පැවසීය .

ඇමතිවරයා  එසේ පැවසුවේ උමාඔය  කරදගොල්ල විදුලි බල ව්‍යාපෘතිය හා අලිකොටආර ජලාශය නිරීක්ෂණ චාරිකාවටක (03) වනදා සහබාගිවෙමිනි .

මෙම භූගත විදුලි බලාගාරයෙන් මෙගවොට් 120 ක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්වන බවද පැවසීය .

වාරිමාර්ග රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුද ව්‍යපෘතියේ ඉංජිනේරුවන්ද සහබාගිවිය 

පාලිත ආරියවංශ




Recommended Articles