උපෙළ කල්දමනවාද යන්න ඉදිරි දින කිහිපයේ තිරණය කරනවා - ඩලස්


දරුවන්ගේ ඉල්ලිමක් අනුව උසස් පෙළ විභාගය පවත්වන දිනය කල් දමනවාද නැද්ද යන්න තිරණය ඉදිරි දින කිපයේදි ගන්නා  බව අධ්‍යාපන , කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .

අද (15)  මාතරදි පැවති කි‍්‍රයාකාරි හමුවකදි හෙතෙම මෙසේ පැවසිය .

එහිදි අදහස් පළකල ඒ මහතා ,

‘‘ උසස් පෙළ පළමුවරට කරන දරුවෝ කණ්ඩායමක් මට කතා කරා . ඔවුන් කිවුවා උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වෙනිදා තියෙන්නේ අපිට කල් මදි බැරිද ස්ර් මේක  පොඩ්ඩක් වෙනස් කරන්න කියලා ඇහුවා . මගේ මුහුණු පොතේ ගිණුමටත් මෙය දන්වලා පණිවිඩයක් එවලා තියෙනවා කිවුවා . සති දෙක තුනක් වෙනස් කගන්න පුළුවන්ද කියලයි මේ  අය අහන්නේ .

මම අධ්‍යාපන ලේකම්තුමාට අනිත් පැත්තට කතා කරා වහාම මේ  ගැන බලලා දරුවන්ට ඇත්තටම වෙලාව මදිද කියන එක මට දින හතර පහක් ඇතුලත දෙන්න කිවුවා . දරුවෝ ඉල්ලිමක් කරනවනම්  මගේ වගකිම එය ඉෂ්ඨ කිරිම.  ඒ ආකාරයේ දරුවන්ගේ ඕනෑම  කාරණයකදි තින්දු තිරණ ගන්නේ දරුවන් පැත්තෙන් හිතලා මිසක් දේශපාලනඥයන් හෝ නිලධාරින් පැත්තෙන් හිතලා නෙමෙයි . එසේනම්  උසස් පෙළ විභාගය කල්දමනවාද නැද්ද කියන එක ඉදිරි දින කිපයකදි තිරණය කරනවා" .



Recommended Articles