උපෙළ, සාපෙළ හා ශිෂ්‍යත්වයට දින නියම වෙයි


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇති, දැනට COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද පාසල් විභාග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය - 2021-2022 ජනවාරි 22  සෙනසුරාදා දින

අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 - 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට 2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වා

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2021 - 2022 මැයි 23 සඳුදා දින සිට  2022 ජූනි 01 බදාදා දින දක්වා

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් වූ කාලයක් අධ්‍යයන කටයුතු සදහා ලබාදීම. එසේම, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහා ද විභාග   සංවිධානය කිරීමට ප්‍රමාණවත් වූ කාලයක් ලබාදීම යන කරුණු සියල්ලම සලකා බලා විභාග දින තීරණය විය.



Recommended Articles