උප්පැන්න නැති 40 පැන්න අයට ජාතික හැඳුනුම්පත ඉල්ලන්න ජුනි 30 තෙක් ඉඩ


උප්පැන්න සහතිකයක් නොමැතිකම නිසා මෙතෙක්  ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ   අයට ජාතික හැඳුනුම් පත ලබාගැනීමට ඉල්ලුම් කිරීමට තිබූ අවසන් දිනය මෙම වසරේ ජුනි 30 දක්වා කල් දැමූ බව පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ සඳහා අවසාන දිනය ලෙස ඉකුත් මාර්තු 31  බව කලින් දැනුම් දී තිබුණද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි මෙම කාලය ජුනි 30 දක්වා කල්දැමූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය.

ජේ. ඉදුරුවගේ



Recommended Articles