උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන්ට නඩු


උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා ඇත.

වැඩි මිලට පොල් අළෙවි කරන වෙළෙඳුන් සොයා අද දිනයේ දිවයින පුරා වැටලීම් සිදු කිරීම ආරම්භ කළ ඇත.

ඒ අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මාතර, මාතලේ, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල අද දිනයේ වැටලීම් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.



Recommended Articles