උපන්දින සාදයක් අතරතුර වව්නියාවේ නිවසකට ගිනි තබයි


උපන්දින සාදයක් අතරතුළදී වව්නියාවේ නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

අද අලුයම් කාලයේදී මෙම ගිනි තැබිම මුහුණු ආවරණය කරමින් පැමිණි පිරිසක් විසින් සිදුකර තිබේ. මිය ගිය කාන්තාව 21 වැනි වියේ පසුවෙයි.

තුවාල ලැබූවන් අතර අවුරුදු 2ක කුඩා දරුවෙක්, අවුරුදු 7ක හා 13ක ගැහැණු දරුවන් දෙදෙනෙක්, අවුරුදු 19 -41ත් අතර පසුවන කාන්තාවන් 4ක්, අවුරුදු 36ක හා අවුරුදු 42ක පිරිමි පුද්ගලන් දෙදෙනෙක් සිටන බව පොලීසිය කියයි.



Recommended Articles