උපන්දින සාදය පිළිබඳ විමර්ශනය කොළඹ ආපරාධ කොට්ඨාශයට


නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඹ ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි විමර්ශණය කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ප්‍රසිද්ධ නිරූපන ශිල්පි චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදය පැවැත්වූ බව කියන මෙම සුපිරි හෝටලයේ CCTV දත්ත ඇතුළු කරුණු මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර සිටියේය.

 



Recommended Articles