උපකාරක පන්ති වෙනුවෙන් සහභාගි කරගන්නා සිසුන් ප්‍රමාණය සංශෝධනය කිරිමට රජයේ අවධානයක්


ඉඩ සීමාව තිබෙන උපකාරක පන්ති  වෙනුවෙන්  ළමුන් 100 දෙනෙකුට වඩා ඇතුලත් කිරිමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සලකා බලන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් දි තිබේ.

ඉඩ සීමාව තිබෙන අමතර පන්ති  සඳහා දරුවන් අවම මට්ටමක් ගෙන එමෙන් තමන්ට දැඩි ගැටලුවක් ඇතිව තිබෙන බවට උපකාරක පන්ති  පවත්වන ගුරුවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බව  සමකැබිනට්  මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

අද (25) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදි  අමාත්‍යවරයා මේ බව පැවසීය.



Recommended Articles