උද්ධමනය පහළට


ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී ඇත.



Recommended Articles