උද්ධමනය ඉහළට


මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී ඉහළ ගොස් තිබේ. ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙන්නේ, 2023 දෙසැම්බර් මාසයේදී 4.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය2024 ජනවාරි මාසය සඳහා 6.5%ක් දක්වා වැඩි වී ඇති බවයි.

2023 දෙසැම්බර් මාසයේදී 1.6%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 4.1%ක් දක්වා වැඩි වී තිබේ.

2023 දෙසැම්බර් මාසයේදී 6.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 8.5%ක් දක්වා වැඩි වී ඇත.

 



Recommended Articles