උද්ධමනය ඉහළට


2023 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති ඒ අනුව උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාදය සඳහා 4% දක්වා වැඩි වී ඇත. එය 2023 නොවැම්බර් මාසය සඳහා 3.4%ක් ලෙස වාර්තා වී තිබේ.

2023 දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්‍යමය) 0.3 දක්වා වැඩි වී ඇති අතර 2023 නොවැම්බර් මාසයේදී එය වාර්තා වූයේ -3.6%ක් ලෙසය.

එමෙන්ම දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධහනය  (ලක්ෂ්‍යමය) 5.8% දක්වා අඩු වී ඇති අතර 2023 නොවැම්බර් මාසයේදී එය වාර්තා වූයේ 6.8%ක් ලෙසය.

 



Recommended Articles