උද්ඝෝෂණ ස්ථානයේ විරෝධතා හතරක්


ආණ්ඩුව විසින් උද්ඝෝෂණ සිදුකිරීමට වෙන් කළ ස්ථානයේ අද (06දා) උද්ඝෝෂණ හතරක් පැවැත්වීය.

ඒ අනුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගැටලුව මුල් කර ගනිමින් රජයේ විශ්‍රාමිකයින් නියෝජනය කරන වෘත්තිය සමිති හා රැකියා අහිමි වූ ව්‍යාපෘති සහයකයින් නියෝජනය කරන වෘත්තිය සමිති රැකියා අහිමි වූ ඛනිජ තෙල් සංස්ථා සේවකයින් සහ මදුරු මර්දන සහයකයන් මෙම විරෝධතා පැවැත්වීමට කටයුතු කළහ.

මෙහිදී රජයේ විශ්‍රාමික වෘත්තිය සමිති කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට කටයුතු කළේය.

 



Recommended Articles