උද්ඝෝෂණ වල​ට එරෙහි​ව රජය මෘදු ප්‍රතිපත්තියක නොසිටිය යුතුයි


කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිටිය යුතු බව ත් දැඩි පියවර ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියි.

එලෙස දැඩි පියවර නොගත හොත් රට සෑදිමට නොහැකි වන බව සඳහන් කරන අමාත්‍යවරයා පැවසුවේ කැබිනට් මණ්ඩලයේදී පවා තමන් ඒ පිළිබඳ සඳහන් කර ඇති  බව​ටය.

කඩාකප්පල්කරුවන් වසංගතය ඇති අවස්ථාවේ එක් ලක්ෂ හයදහසක පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට රැගෙන ආ බව ත්  ගුරු වර්ජන කරන රටක නෑගීමක් නොමැති බවත් කඩාකප්පල්කරුවන්ට විරුද්ධව අනිවාර්යෙන් ම පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස තමා ඉතා දැඩිව ක්‍රියා කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙම අදහස් පළ කළේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්​ය.



Recommended Articles