උද්ඝෝෂකයින්ට පහරදුන් අය දින 02ක් තුළ ගන්නවා


‘ගෝඨා ගෝ ගම’ සහ ‘මයිනා ගෝ ගම’ සාමාකාමී උද්ඝෝෂකයින්ට පොලු මුගුරු වලින් සන්නද්ධ පිරිසක් ගොස් කළ පහරදීමේ සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් ඉදිරි දින 02 තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ යන මහත්වරුන් පොලිස් මුලස්ථානයේදී පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවු අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මඟින් ඒ බව දැනුම් දී ඇත.

අරලියගහ මන්දිරයේ සිට පොලු මුගුරු වලින් සන්නද්ධ පරිසක් සාමාකාමී උද්ඝෝෂකයින් සිටින ‘ගෝඨා ගෝ ගම’ට ගොස් කළ පහරදීමේ සිද්ධීන් සහ ඊට පසුව රට තුළ ඇති වු ප්‍රචන්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් නීතීපතිවරයාට සහ පොලිස්පතිවරයාට කරුණු දැනුම් දුන් බව අවධාරණය කොට ඇත.

ඉන් අනතුරුව පොලිස්පතිවරයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ යන මහත්වරුන් ඊයේ (16) පොලිස් මුලස්ථානයට ගොස් එහිදී පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවී ඇති අතර ඒ අවස්ථාවේදී කඩිනම් හා පළදායි ක්‍රියාමාර්ග තුළින් පරීක්‍ෂණ පිළබඳ මහජන විශ්වාෂය ඇති කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාෙරීන් විසින් අවධාරණය කරන ලදී.

ඒ පිළිබඳ අවධානය යොමු කළ පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස මෙම අපරාධ සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව දැනුම් දී ඇත.

 



Recommended Articles