ඉකුත් 22දා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්තරවල අසභ්‍ය වචන මුද්‍රණය වී ඇති බවට වාර්තා වීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24දා) පැවැති මාධ්‍ය හමුවකදීය. අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 110ක දරුවන් දෙදහකට පමණ මෙම ප්‍රශ්න පත්‍රය ලබා දී ඇති අතර එය පසුව නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව ලේකම්වරයා සදහන් කළේය.
අනුරාධපුර අධ්‍යාපන කලාප කාර්යාලය මගින් පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහාත් පැවැත්වෙන තරග විභාගය සඳහා, නැණ ලොවට පා නගන හපනුන්ට මග කියන 'අදිති' ලෙස මෙම ප්‍රශ්න පත්‍රය නම්කර තිබේ.
එම ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න හතළිහටම සියල්ලටම පිළිතුරු සපයන්න, කාලය පැය එකක් යනුවෙන් සඳහන් කර ඇතත් එහි ප්‍රශ්න 61 අන්තර්ගතව තිබේ.
එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 22, 29, 25, 42, 48 ඇතුළු ප්‍රශ්න කීපයකම දෝෂ සහිත වන අතර 29 වැනි ප්‍රශ්නයේ ස්ථාන දෙකක අසභ්‍ය වචන මුද්‍රණය වී තිබේ.
මෙවැනි ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කර බෙදා හරින තුරුම, එහි මුද්‍රණ දෝෂ සම්බන්ධයෙන් කලාපයේ අධ්‍යාපන බලධාරින්, සොයා නොබැලීම විමතියට කරුණක් බව මෙහිදී මවුපියෝ පිරිසක් පැවසූහ.