උත්සව සමයේදී එළවළු මිල ඉහළට


එළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට එලවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියි.

බෝංචි 520 , කැරට් රු 420 , නුවරඑලිය අල රු 520 , ලික්ස් රු 480 , මාළු මිරිස් රු 800 , බිට්රුට් රු 480 , පතෝල රු 300 , බණ්ඩක්කා රු 280 , වට්ටක්කා රු 280 , රාබු 120 , ගෝවා රු 130 , අමු මිරිස් රු 280 , නයි මිරිස් රු 800 වැනි සිල්ලර මිලකට අලෙවි කරයි.

දිවයිනේ සුපිරි වෙලදසැල් වල එලවළු ඉල්ලුම පහත වැටි ඇති බවත්, එලවළු මිල ඉහල යාම හමුවේ එය 30% දක්වා පමත වැටි ඇති බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.



Recommended Articles