උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නෑ


උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද(30) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

මේ වනවිට රටේ රටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත් ඒ හේතුවෙන් උත්සව සමයේ වගකීමෙන් කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles