උත්සව පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග


සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදිත් විවිධ සාද පැවැත්විම සඳහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත පැමිණෙමින් සිටින බවත් ඔහු සඳහන් කලේය.



Recommended Articles