උඩුදුම්බර හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කරති


මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් චතුරශ්‍රය තුළ උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කළ බව පරිසර සංවිධාන සඳහන් කරයි.

උන්වහන්සේ මේ වන විට පැන් පමණක් පානය කිරීමට දැනට කටයුතු කරන බවත්, අද දිනය තුළ අදාළ තීරණය බලධාරීන් ලිඛිතව ලබාදීමට කටයුතු නොකළහොත් පැන් පානය කිරීම නවතා දමා මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

රටට අහිතකර මෙම ගිවිසුම් අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ සත්‍යග්‍රහය අද (05දා) උදේ 09.00ට ආරම්භ කළහ.

ඊට සහයෝගය දැක්වීම පිණිස පරිසර සංවිධාන හා බෞද්ධ සංවිධාන නියෝජිතයින්ද, මහා සංඝරත්නයද නිදහස් චතුරස්‍රය තුළ රැඳී සිටිති.



Recommended Articles