උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි


බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද 16 හපුතලේ  දියතලාව අතර දී  පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
 බදුල්ලෙන් පෙරවරු 10 ට කොළඹ බලා පිටත් දුම්රිය  මෙසේ පීලි පැන තිබේ. 

මේ හේතුව නිසා නුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බඩු දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ ද නුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ද නතර කරතැබීමට සිදුවූ බව ද දුම්රිය පාලක මැදිරිය කියයි. 

 දුම්රිය පීලිගත කිරීම සඳහා සේවක කණ්ඩායමක් මේවන විට  යොදවා ඇති බව ද දුම්රිය පාලක මැදිරිය කියයි. 



Recommended Articles