උඩරට දුම්රිය මාර්ගයේ ගමන් වාර 22ක් අවලංගු වෙයි


උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කොට තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට බදුල්ල හා නානුඔය බලා ධාවනයට නියමිත වූ දුම්රිය ගමන් වාර 4 ක් මහනුවර දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භක වේලාවට බදුල්ල බලා ධාවනය කිරීමට කටයුතු කොට ඇත. තව ද නානුඔය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන ගමන් වාර 04 ක් පේරාදෙණිය හා මහනුවර දක්වා ධාවනය කරනු ලැබීය.



Recommended Articles