උඩරට දුම්රිය මාගේ දුම්රිය පිළිපැනිමක් - දුම්රිය ගමනට බාධා


මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොළ  දුම්රිය ස්ථාන දෙක අතර පිළි පැනිමට ලක් විම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

අද (01)දින උදැසන 10 ට පමණ 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොළ  දුම්රිය ස්ථාන දෙක අතර අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව අසලදි පිළි  පැනිමට ලක් වි ඇති බයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ඩිසල් ඉන්ධන ගැලුම් 5800 ක් ප්‍රවාහනය කරන ලද ඉන්ධන ටැංකියකුයි මෙසේ පිළි පැනිමට ලක් වි ඇත්තේ.

ඉන්ධන සහිත ටැංකිය පිළි පැනිමෙන් එම ටැංකියට මෙන්ම දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

ඉන්ධන ටැංකිය පිළි පැනිම හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් පිළි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම දුම්රියන් වල සිටින මගින්ව දුම්රියන් අතර මාරු කර මගින්ව ගමනාන්තය දක්වා යැවිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

පිළි  පැනිමට ලක් වු ඉන්ධන ටැංකියේ තිබෙන ඉන්ධන ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ ඉන්ධන බවුසර් රථයකට මාරු කර පිළි පැනිමට ලක් වු ඉන්ධන ටැංකිය පිළිගත කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.



Recommended Articles