උඩරට දුම්රිය ධාවනයට බාධා


උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ  දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් අද  (19) සවස   පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි   නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

මහනුවර  සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1010 දරණ නගරාන්තර සීඝ්‍රගාමී සුඛෝපභෝගී  දුම්රිය මෙසේ පීලි  පැනීමට ලක්ව ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව පාලක මැදිරිය සඳහන් කරයි.

පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කොට උඩරට  දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කිරීමට  දුම්රිය සේවකයෝ පියවර ගනිමින් සිටින බවද පාලක මැදිරිය කියයි.
 

 



Recommended Articles