උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට


කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගී ප්‍රවාහන දුම්රිය නැරඹුම් මැදිරිය පීලි පැනිම හේතුවෙන් ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු (21) දින පස්වරුවේ යළි යථා තත්ත්වයට පත් කළ බව  දුම්රිය පාලක මැදිරිය පැවසිය.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය (21) දින පස්වරු 1.40 පමණ නාවලපිටිය සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි පීලි පැනිමට ලක් විය.



Recommended Articles