උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිළිපනියි


බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008  මගි ප්‍රවාහන දුම්රිය පට්ටිපොළ  සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර පිළි පැනිමට ලක් වි ඇති බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පැවසිය.

දිනපතා උදැසන 10.15 ට බදුල්ල සිට ගමන් ආරම්භ කරන 1008මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද  (23) දින පස්වරු 1.30 ට පමණ පිළි  පැනිමට ලක් වි ඇත.

පිළි  පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය සෙසු දුම්රිය මැදිරි වලින් ගලවා ඉවත් කර නැරඹුම් මැදිරියේ සිටි මගින්ව සෙසු දුම්රිය මැදිරිවලට නංවා 1008 දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බවයි මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියේ.

පිළි  පැනිමට ලක්වු දුම්රිය මැදිරිය පිළිගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන මගි ප්‍රවාහන දුම්රියන් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත.



Recommended Articles