උකුවෙල කාන්තාවක් ඝාතනය කරයි


මාතලේ  උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී  කිසියම් අයෙකු විසින් ඊයේ (15 දා)   කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ රණවීර ආරච්චිලාගේ රුවනි තක්ෂිලා 29 හැවිරිදි එක් දරු මවකි.

 මියගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත .

සම්බන්ධයෙන්  කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර  සිද්ධිය සම්බන්ධව කන්දේනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

මහේෂ් කීර්තිරත්න

 



Recommended Articles