උක්වත්ත කසළ අංගනයේ තිබී බෝම්බ දෙකක් හමුවේ


අවිස්සාවේල්ල උක්වත්ත කසළ අංගනයේ කසළ ගොඩක තිබී අත්බෝම්බ දෙකක් හමු වූ බව අවිස්සාවේල්ල පොලිසිය කියයි

කසල අංගනය කසල  තෝරමින් සිටී  කම්කරු සේවිකාවක  මෙම බෝම්බ දැක ඒ බව පාලනාධිකාරියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය දැනුවත් කළ බව  පොලිස් නිලධාරියෙක් පැවැසීය

එම බෝම්බ    මතුපිටින් දිරාපත් ව තිබෙන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

ඒවා   නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවීමට නියමිතය

අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles