ඊෂී කෑෂ් මගින් මත්කුඩු ජාවාරම්කරන කාන්තාවන් 2ක් අත්අඩංගුවට


ඊෂි කෑෂ්  මගින් හෝමාගම ප්‍රදේශයට මහා පරිමාණයෙන් හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු, කාන්තාවන් දෙදෙනෙක් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්කුඩු සමඟ හෝමාගම  ප්‍රදේශ දෙකක දී අද (24දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

එම  සැකකාරියන් සන්තකයේ තිබී  මත්කුඩු ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 150 පොලීසිය භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව හෝමාගම දුම්රිය පොල අසලදී පනස් තුන් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන පොලිස් කාන්තාවක් යොදවා සිදුකළ පරීක්ෂාවේ දී ඇය හැඳ සිටි ඇඳුම තුළ සඟවාගෙන තිබූ මත්කුඩු ග්‍රෑම් 5 මිලි  ග්‍රෑම් 50 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි 

අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම එම කාන්තාවට මත්කුඩු සපයන ප්‍රධාන ජාවාරම්කාරිය පිටිපන උතුර  ප්‍රදේශයේදී පදිංචි අතර ඇය හෝමාගම නගරයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
 
වයස අවුරුදු 25ක් වන එම කාන්තාව ඉතාම කෙටි කලක් කුලි නිවාසවල පදිංචිව සිට ප්‍රදේශ අතහැර යමින් මෙම ජාවාරම සිදු කර ගෙන යමින් තිබේ.
 


Recommended Articles