ඊයේත් වැඩිම ආසාදිතයින් යාපනයෙන්


යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනය තුළත් කොවිඩ් අසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් බවය.

පෙරේදා දිනයේද යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 88 දෙනෙකු හඳුනා ගැනුණි.

 



Recommended Articles