ඊයේ හඳුනාගත් රෝගීන්ගෙන් 25ක් ආරක්ෂක අංශ සාමාජිකයන්


කොවිඩ් 19 ආසාදනය වී ඊයේ (28දා) වාර්තා වූ රෝගීන් 31 දෙනාගෙන් 25ක්ම ආරක්ෂක අංශ සාමාජිකයන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම රෝගීන් 25 දෙනාගෙන් 21ක් නාවික හමුදා සෙබලුන් වන අතර 4ක් යුද හමුදා සෙබලුන් වෙයි.  ඉතිරි රෝගින් 6 දෙනා නාවික හමුදා සෙබලුන් හා සමීපව කටයුතු කළ පුද්ගලයන් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.



Recommended Articles