ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්


ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2,987 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

ඉන් පුද්ගලයින් 97 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.

ඒ සමග මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 342,079ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 310 ක්. කුරුණෑගලින් 201 දෙනෙකු ද අම්පාරෙන් 221 නෙකුද, ගාල්ලෙන් 209 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 36,333ක්. රෝගීන් 300,406 දෙනෙකු සුවය ලබා සිටිනවා.

 



Recommended Articles