ඊයේ වැඩිම ආසාදිතයින් වත්තලින්


මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 2,248 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 112 ක්. අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 42 ක්, පිලියන්දල ප්‍රදේශයෙන්  ආසාදිතයින් 45 ක්, මොරටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 31 ක්ද ඊයේ දිනයේදී වාර්තා වි තිබෙනවා.

ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයෙන්  ආසාදිතයින් 26 ක් සහ නාරාහේන්පිට ප්‍රදේශයෙන්  ආසාදිතයින් 23 දෙනෙකුද ඊයේ වාර්තා වුණා.

දකුණු කලුතර සහ වැලිපැන්න ප්‍රදේශවලින් ආසාදිතයින් 51 ක බැගින් සහ තෙබුවන ප්‍රදේශයෙන් ආසාදිතයින් 53 දෙනෙකු ඊයේ වාර්තා වූ බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 75 ක්. රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා වන සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

 



Recommended Articles