ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්


ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් වැඩිම රෝගින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබේ.

කොවිඩ් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එම සංඛ්‍යාව 526ක් බවයි.

ඉන් 65 දෙනෙකුම වාර්තා වි ඇත්තේ මිගහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් වන අතර රාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨසයෙන් 63 දෙනෙකු වාර්තා වි තිබේ.

දොම්පේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 59 දෙනෙකු හදුනාගෙන ඇති අතර සපුගස්කන්ද 43 දෙනෙකුත් බියගමින් 42කුත් හදුනාගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 287 දෙනෙකු රත්නපුරෙන් 260 දෙනෙකු කළුතරින් 155 දෙනෙකු සහ ගාල්ලෙන් ආසාදිතයින් 134 දෙනෙකු හදුනාගනු ලැබීය.



Recommended Articles