ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්


මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 2,354 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වු 561 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

එහිදි නිට්ටඹුවෙන් ආසාදිතයින් 87 දෙකෙු වාර්තා වි තිබු බවයි කොවිඩ් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 528ක් වාර්තා විය.

ඉන් 90 දෙනෙකු වාර්තා වි ඇත්තේ කොළඹ මහනගර සභා සිමාවෙනි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 313 දෙනෙකු හදුනාගෙන ඇති බවයි කොවිඩ් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය සඳහන් කළේ.



Recommended Articles