ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්


මෙරටින් ඊයේ (11) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

කොවිඩ් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 122 දෙනෙකු සහ කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වි තිබේ.

ඒසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිතයින් 505 දෙනෙකු හදුනාගෙන තිබු අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 397 දෙනෙකු හදුනාගෙන තිබේ.

කළුතර ,කුරූණෑගල ,මහනුවර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 දෙනෙකු හදුනාගෙන ඇති බවයි කොවිඩ් පැතිරිමේ වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය සඳහන් කළේ.

 



Recommended Articles