ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්


ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 3039 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

ඉන් පුද්ගලයින් 46 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.

ඒ සමග මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 345,118ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 591 ක්.

කොළඹින් 455 දෙනෙකු ද කළුතරින් 437 නෙකුද,ගාල්ල දිස්ත්‍රික්කයෙන් 327 දෙනෙකු ද රත්නපුරෙන් 179 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 37,199 ක්. රෝගීන් 302,455 දෙනෙකු සුවය ලබා සිටිනවා.

 



Recommended Articles